Sri Lanka Police Song - ශ්‍රී ලංකා පොලිස් ගීතය

Sri Lanka Police Song - ශ්‍රී ලංකා පොලිස් ගීතය
 

සුරක්ෂාව දෙන වියවුල් පසිදන

දිවි අබිමන් නංවා

විනේය ජන ලොව අභීත පෙරමුණ

පොලිසිය ශ්‍රී ලංකා


 පොදුජන යහපත උදෙසා

කැපකොට දිවියම නොලසා

දිව රෑ වගුරන වෙහෙසා

ලක්මව සනසනු පිණිසා

විනේය ජන ලොව අභීත පෙරමුණ

පොලිසිය ශ්‍රී ලංකා


සුරක්ෂාව දෙන වියවුල් පසිදන

දිවි අබිමන් නංවා

විනේය ජන ලොව අභීත පෙරමුණ

පොලිසිය ශ්‍රී ලංකා


මෙහෙවර සපුරන සිතිනා

මිතුරුව දන හද දිනනා

ලක් මව ගෙල වට රනා

කිත් යස මල් දම් ගොතනා

විනේය ජන ලොව අභීත පෙරමුණ

පොලිසිය ශ්‍රී ලංකා

Comments

Popular posts from this blog

We Were Born in a Great Hour - Зродились ми з великої години

Legion "Freedom of Russia" - Легион "Свободы России"

Katyusha - Катюша (Kazakh Ver.)